රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේගේ නීතිඥයා ලෙස පෙනී සිටිමින්, උදය ගම්මන්පිල කරගෙන ගිය දේශපාලන රංගනයෙන් ඔහුව පන්නා දමා ඇති බව හෙළිවේ.
මේ බව හෙළි වූයේ, පාස්කු ඉරුදින එල්ල කරන ලද ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සඳහා අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ, ඊයේ (22) කොළඹ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
සුරේෂ් සලේ වෙනුවෙන් නීතිඥ අසිත් සිරිවර්ධන පෙනීසිටි අතර, උදය ගම්මන්පිල එක් අවස්ථාවක දීඅපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තම සේවාදායකයා හමු වූබවත්, එහෙත්, ගම්මන්පිල තව දුරටත් තම සේවාදායකයා වෙනුවෙන් පෙනීනොසිටින බවත් ඔහු අධිකරණයට දන්වා ඇත.
සුරේෂ් සලේ හමු වීමෙන් පසුව උදය ගම්මන්පිල පාස්කු ඉරුදින එල්ලකරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රබන්ධයක් රචනා කර ජනගත කිරීම සම්බන්ධයෙන් ද විශ්ලේෂකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ. මේ අතර, විනිසුරුවරයා ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් ලබා දීමට තමා සූදානමින් සිටින බව සුරේෂ් සලේ විසින් නීතිඥ අසිත් සිරිවර්ධන මඟින් අධිකරණයට දැනුම් දෙනු ලැබී ය.
2
Saru News
















