ඉතිහාසගත වන තවත් ජයග්‍රහණයක් ! – Saru News | සිංහල

0
3

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද වාර්ෂික ආර්ථික විවරණය මඟින් පසුගිය වසරේ උද්ධමනය සම්බන්ධයෙන් සවිස්තර කරුණු එළිදක්වා තිබේ.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව 2024 වසර අවසානයේ දීකොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පැවැති උද්ධමනය සියයට සෘණ 2.0ක් වී තිබූ බවත්, එය 2025 වසර අවසන් වන විට සියයට ධන 2.9ක් දක්වා ස්ථාවර අගයක පවතින බවත් හෙළි කර තිබේ.

ආර්ථිකය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා 50%කට අඩු උද්ධමන වේගයක් පැවැතිය යුතු බවට ශ්‍රී ලංකා මහබැංකුව ඇතුළු තීරක කණ්ඩායම් විසින් පුරෝකථනය කර තිබිණි. එහෙත්, එම පුරෝකථනවලට වඩා අඩු මට්ටමක උද්ධමනය පැවැතීම විශේෂත්වයකි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2021 වසර අවසන් වනවිට 12.1%ක් සහ 2022 වසර අවසන් වන විට 57.2%ක් දක්වා ඉතා ඉහළම අනුපාතයක උද්ධමනය පැවැතිණි.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here