සරසවි සිසුවා රෝහලට යැවූ බිහිසුණු අනතුර -CCTV කැමරාවේ

0
2

අනතුරු බහුලව සිදුවන කහතුඩුව රිලාවල මංසන්ධියේ දි සරසවි සිසුවෙකු පැද වූ යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සරසවි සිසුවා බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව කහතුඩුව පොලීසිය පවසයි.

තුවාල ලද  සිසුවා කොළඹ හොරණ මාර්ගයේ, කොළඹ දෙස සිට කහතුඩුව බලා පැමිණීමේ කහතුඩුව රිළාවල හන්දියේදී හොරණ දෙස සිට පැමිණි ත්‍රිරෝද රථයක් එකවරම මාර්ගය හරහා කිරිගම්පමුණුව දෙසට හැරවීම හේතුවෙන් මෙම අනතුර සිදුවන අයුරු CCTV කැමරාවේ සටහන්ව තිබුණි. 

යතුරුපැදිය සහ තීරෝද රථය එකිනෙක ගැටීමෙන් අනතුරුව තීරෝද රථ රියදුරුට රිය පාලනය කරගත නොහැකිව ඉදිරියට ගොස් ප්‍රතිවිරුද්ධ දිසාවේ තිබූ ලොතරැයි අලෙවි කුටියක ගැටී නතර වුණි.

ත්‍රිරෝද රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය. 

තුවාල ලද සරසවි සිසුවා වෑතර දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, ත්‍රිරෝද රථ රියදුරුව කහතුඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here