ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:මහජනතාව මුළාවේ දමමින්, බොරු පොරොන්දු දී තමන්ගේ දේශපාලන පැවැත්මට අවශ්‍ය තීන්දු තීරණ පමණක් ආණ්ඩුව ගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
මේ වනවිට ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යාංශය මංකොල්ල කා ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
බලයට පැමිණි දින සිට ආණ්ඩුව සිදුකළේ පික්පොකට් ක්‍රමයට ක්‍රියාත්මක වීම බවද ඔහු සඳහන් කරන ලදී.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ අද (23) ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධ නඩුවට පෙනී සිටීමට කොළඹ මහාධිකරණට පැමිනි අවස්ථාවේදීය. මෙම නඩුව අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ ඉදිරියේ කැඳවනු ලැබීය.
නඩුව මැයි මස 29 වනදා යළි කැඳවන ලෙස විනිසුරුවරිය නියෝග කර තිබේ.
මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක් මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

The post මහ දවල් ආණ්ඩුව මුදල් අමාත්‍යාංශය මංකොල්ල කාලා – ඔක්කොම වැඩ පික්පොකට් න්‍යායෙන්!(VIDEO) appeared first on LNW Sinhala.
Saru News













