”හැකර්වරුන් ඊමේල් එක ඔස්සේ පද්ධතියට ඇතුළු වෙලා..” – මුදල් අමාත්‍යාංශ ලේකම් 

0
4

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක මුදලෙන් හැකි ප්‍රමාණයක් යළි ලබාගැනීමට උත්සහ කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම හැකර්වරුන් ඊමේල් හරහා අදාළ පද්ධතියට පිවිස ඇති බව ද අමාත්‍යංශ ලේකම්වරයා අවධාරණය කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු තානාපතිවරයා සහ ණයහිමියා ද දැනුවත් කළ බව ද හර්ෂණ සූරියපෙරුම මහතා පැවසීය. 

“ජනවාරි මාසයේදී අපිට දැනගන්නට ලැබුණු සයිබර් අපරාධකරුවන් පද්ධතියට ඇතුළු වෙන්න උත්සහා කරන බව. මේ ගැන තොරතුරු වාර්තා වුණාම, අදාළ විදේශ රටවල් සම්බන්ධ කරගෙන උත්සහා කරපු රටට හානියක් වෙන්න දුන්නේ නැහැ. ඒක විසඳුවා. අපිට අවශ්‍යතාවය තිබුණා, ජනවාරි මාසයේ එහෙම දෙයක් කරන්න හැඟුණාට මීට පෙරත් මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. ඒ නිසා තමයි පසුගිය ගෙවීම් ගැන හොයලා බලන්න අවශ්‍ය වැඩපිළිවෙල සූදානම් කළා. ඒ අනුව කාලයක් ගත්තා. ඒ වෙලාවේදී තමයි පසුගිය ගෙවීමකට හැකර්වරුන්ගේ ක්‍රියාකාරීත්වය පසුගිය ජනවාරි මාසයෙත් සිදුවෙලා තිබුණා කියලා අනාවරණ වුණේ.” 

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here