රත්නපුර පොල සංකීර්ණයේ අද (23) අලුයම ඇතිවූ ගින්නකින් කඩ කාමර රැසක් විනාශ වී ඇතැයි රත්නපුර පොලිසිය පවසයි.
මහල් තුනකින් යුත් පොළ සංකීර්ණයේ දෙවන මහලේ හට ගත් මෙම ගින්න නිවීම සඳහා රත්නපුර මහ නගර සභාව සහ බලංගොඩ නගර සභාව කටයුතු කර තිබුණි.
එළවළු, පලතුරු මෙන්ම සහල්, පරිප්පු, සීනි, අල, ලූණු ඇතුළු ආහාර ද්‍රව්‍ය සිල්ලරට හා තොග වශයෙන් අලෙවි කරන කඩ 90කට ආසන්න ප්‍රමණයක් මෙම ගින්න නිසා විනාශවී ඇතැයි වාර්තා වේ.
Saru News
















