කොළඹ ඇතුළු ජනාකීර්න ප්‍රදේශවල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට පුද්ගලයෙකු සූදානම් වූ බවට වූ මාධ්‍ය ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් පවසයි.
ඔහු වැඩිදුරටත් තහවුරු කළේ එවැනි සිදුවීමක් වාර්තාවී නොමැති බවය.
කෙසේවෙතත් කංජිපානි ඉම්රාන් සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
උක්ත අසත්‍ය කරුණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රචාරයක් දියත්වනු දක්නට ලැබිණි.
0
Saru News
















