ගම්මන්පිල පිල්ලෙයාන්ගේ ඝාතන කටයුතුවලට ෆොන්සේකාවත් සම්බන්ධ කරයි ! – Saru News | සිංහල

0
2

සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හට ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් 400කට අධික අවි තොගයක් සැපයීම එවකට හමුදාපතිව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නියෝග අනුව සිදු කරන ලද බවට ප්‍රකාශ කරන්නැයි උදය ගම්මන්පිල පිල්ලෙයාන්ට උපදෙස් දී තිබේ’

ගල්කිස්ස අධිකරණයට පිල්ලෙයාන් ඉදිරිපත් කරන ලද අවස්ථාවේ දී මෙම තොරතුරු හෙළි වූ අතර, තම සේවාදායකයා හට සැලැසුම් සහගතව බොරු ප්‍රකාශයක් කිරීමට උපදෙස් දීම සම්බන්ධයෙන් ගම්මන්පිලට එරෙහිව බොහෝ පාර්ශ්වවලින් චෝදනා එල්ල වී ඇත. එය නීතිඥ ආචාරධර්ම කඩකිරීමක් ලෙසත්, එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ හැකි බවත් විශ්ලේෂකයන් විසින් පෙන්වා දී තිබේ.

ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්ව ලෙස සිටි අවධියේ එම අවි තොගය ලබා දීතිබූ අතර, පිල්ලෙයාන් විසින් වධකාගාරයක් ද පවත්වාගෙන යනු ලැබී ය. නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා පිල්ලෙයාන් අත්අඩංගුවේ තබාගෙන සිටිනු ලබයි.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here