ශ්‍රී ලංකා – ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

0
2

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

මෙරට පිහිටි ඉරාන තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති X පණිවිඩයක දැක්වෙන්නේ මෙම දුරකථන සංවාදය ඊයේ (22) පස්වරුවේ පැවති බවයි.මෙම දුරකථන සංවාදය අතරතුර, ඉරාන විදේශ අමාත්‍යවරයා විසින් IRIS Dena නෞකාවේ නාවිකයින් බේරා ගැනීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකා රජය දැරූ උත්සාහයන් මෙන්ම එම නෞකාවේ කාර්ය මණ්ඩලයේ හා මියගිය ඉරාන නාවික නිලධාරීන්ගේ මළ සිරුරු ඉරානයට ආපසු භාරදීමට සහාය වීම පිළිබඳව කෘතඥතාව පළ කළ බව එහි දැක්වේ.

අමෙරිකා එක්සත් ජනපදය විසින් IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරය පෙර නොවූ විරූ යුධ අපරාධයක් ලෙසත්, ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලික නීති සහ 1949 ජිනීවා සම්මුතීන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන මෙම අපරාධය, ඉරානය විසින් කිසිදා අමතක නොකරන බවත් අරග්චි මහතා අවධාරණය කර ඇත. තවද, අපරාධකරුවන් සහ වගකිව යුතු සියල්ලන්ම වගකිව යුත්තන් බවට සහතික කර, නීතිය හමුවට පැමිණවීමට සියලු නීතිමය සහ දේශපාලනික ක්‍රම භාවිතා කරන බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

දෙරට විදේශ අමාත්‍යවරුන් විසින් ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය වර්ධනයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here