හෙට සිට තෙදිනක් කෑගල්ලේ සුරාසල්, මස්, මාළු කඩ වැසෙයි

0
2

‘ඒහි­ප­ස්සිකෝ’ සාම පා ගමන කෑගල්ල දිස්ත්‍රි­ක්කයේ ගමන් කරන 24, 25 සහ 26 තෙදින මාර්ගය දෙපස ඇති සිය­ලුම සුරා­සල් හා මස්, මාළු වෙළෙ­ඳ­සල් වසා තැබී­මට කෑගල්ල දිස්ත්‍රික් සම්බ­න්ධි­ක­රණ කමි­ටුව තීර­ණය කර ඇත. 

ඒ අනුව කඩු­ග­න්නාවේ සිට වර­කා­පොළ දක්වා ප්‍රධාන මාර්ගයේ එම දින කිහි­ප­යේදී මේ වෙළෙ­ඳ­සල් වසා තැබේ.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී කෑගල්ල දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටුවේ සම සභා­පති පරි­සර ඇමැති වෛද්‍ය දම්මික පට­බැඳි මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඊයේ (22) පැවැති රැස්වී­මේදී මේ තීර­ණය ගෙන තිබේ. කොළඹ – මහ­නු­වර ප්‍රධාන මාර්ගයේ ධාව­නය කරන රථ වාහන රියැ­දු­ර­න්ගෙන් වාහ­න­වල නළාව නාද නොක­රන ලෙසද ඉල්ලී­මක් කරන බව මෙහිදී ඇමැ­ති­ව­රයා කීවේය. මාර්ගයේ යම් ප්‍රමා­ද­යක් ඇති වුව­හොත් පොලී­සි­යට සහය ලබා දෙන ලෙසත් ඉල්ලී­මක් කළේය. මෙම සම්බ­න්ධී­ක­රණ කමි­ටුව සබ­ර­ග­මුව ආණ්ඩු­කා­ර­වර කෑගල්ල දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටුවේ සම සභා­පති චම්පා ජානකී රාජ­රත්න මහ­ත්මි­ය­ගේද සහ­භා­ගී­ත්ව­යෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලීය ධර්ම­සිරි සේනා­නා­යක අනු­ස්ම­රණ ශාලාවේ දී පැවැ­ත්විණි.

(දිනමිණ)

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here