සාම පා ගමන වෙනුවෙන් ‘ආලෝකා’ ලංකාවට

0
2

සාම පාගමන වෙනුවෙන් වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා හත් නමක් අද (21) උදෑසන දිවයිනට වැඩම කළහ.

සාම පාගමන වෙනුවෙන් ‘ආලෝකා’ නම් සුනඛයා ද ආරක්ෂිතව මෙරටට පැමිණ තිබුණි.

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ”Walk For Peace” සාම පාගමන වැඩසටහන අද සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබා ගන්නා ලද බෝධි අංකුරයක් ද සමග මෙම පාගමනේ වැඩමවීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලය, Clean Sri Lanka වැඩසටහන, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය හා ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයක් මෙම සාම පාගමන සඳහා සහාය දක්වයි.

පාගමන අතරතුර ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයන් සහ සාම්ප්‍රදායික ශිල්ප හා කලා විශේෂාංග ද ජනගතකිරීමට අපේක්ෂිතය.

📌 සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here