ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර්ජන කිරීම සහ සටන් විරාම උල්ලංඝනය කිරීම් හරහා සිය රාජ්‍ය තාන්ත්‍රිකභාවයට හානි කරන බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාකර් ගාලිබාෆ් පවසයි.
සිය x ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර තිබේ.
මෙම චෝදනාවත් සමඟ ඉරානය සහ එක්සත් ජනපදය අතර නොසන්සුන්තාව දැඩි ලෙස උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ වෙතත් කථානායකවරයා අනතුරු අඟවන්නේ පීඩන හමුවේ සාකච්ඡා කිරීමට සූදානමක් නොමැති බවය.
වොෂින්ටනය උත්සාහ කරන්නේ සාකච්ඡා මේසය යටත් වීමේ මේසයක් බවට පත් කිරීමට වන බව ද ඔහු සඳහන් කර තිබේ.
එමෙන්ම නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වුවහොත් යුද පිටියේදී නව උපාය මාර්ග එළිදැක්වීමට ඉරානය සූදානම් වී සිටින බවටද ඔහු අනතුරු ඇඟවීමක් කර ඇත.
ترامپ با اعمال محاصره و نقض آتشبس میخواهد تا به خیال خود این میز مذاکره را به میز تسلیم تبدیل کند یا جنگافروزی مجدد را موجّه سازد.
مذاکره زیر سایهٔ تهدید را نمیپذیریم و در دو هفتهٔ اخیر برای رو کردن کارتهای جدید در میدان نبرد آماده شدهایم.— محمدباقر قالیباف | MB Ghalibaf (@mb_ghalibaf) April 20, 2026
Saru News
















