පුද්ගලික බැංකුවක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් – සැකකරුවෙකු අත්අඩංගුවට

0
3

පුද්ගලික බැංකුවක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් – සැකකරුවෙකු අත්අඩංගුවට 

පුද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර රුපියල් 1,000,024ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ අනුව ඊයේ (20) අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන වාරියපොල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 22ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (21) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර පරිගණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here