තැන තැන හමුවන මළසිරුරු

0
2

කුඩා කැකිරාව වැවේ පුද්ගල මළ සිරුරක් ඇති බවට කැකිරාව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කැකිරාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කැකිරාව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

එමෙන්ම දෙහිඅත්තකණ්ඩිය, නාගස්වැව ප්‍රදේශයේ කුඹුරක් තුළ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමු වී තිබේ.

මෙම මරණය දින කිහිපයකට පෙර සිදුව ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇති අතර දෙහිඅත්තකණ්ඩිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර අළුත්ගම බස් නැවතුම්පල තුල දී පුද්ගලික බස් රථයක් බස්නැවතුම්පල වෙත පැමිණ මගීන් බස්සවා නැවත ධාවනය කිරීමේදී පදිකයෙකු ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ පදිකයා සීනවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 91ක් වූ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අළුත්ගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here