මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු ගුවන් තොටේදී අත්අඩංගුවට – Saru News | සිංහල

0
3

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශිකයෙකු, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (14) කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වන ඉන්දීය ජාතිකයෙකි.

සැකකරු විසින් රැගෙන ආ ගමන් මල්ලේ තිබූ කාඩ්බෝඩ් පෙට්ටියක පැති බිත්තිවල සඟවා තිබියදී, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 87ක ප්‍රමාණයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here