ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.
අද (14) ප.ව 12.30ට නිකුත් කළ එම නිවේදනය අද 11.00 දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇත.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල සවස 1.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව සඳහන් කර ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
Saru News
















