හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට මහනුවරදී

0
1

නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි හිස තෙල් ගෑමේ නැකත හෙට (15) පෙරවරු 6:55ට යෙදී තිබේ.

පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි යැයි නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භූමියේදී හෙට ‍පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය. 

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here