දින 3කදී අධිවේගයේ ආදායම රු මිලියන 163 පනී

0
2

අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 03ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 163කට අධික ආදායමක් උපයාගෙන ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, පසුගිය අප්‍රේල් 10,11 සහ 12 දිනවලදී පමණක් අධිවේගී මාර්ගයේ වාහන 434,338ක් ධාවනය කර ඇති බවය.

මේ අතර පසුගිය 12 වනදා පමණක් රුපියල් මිලියන 45කට අධික ආදායමක් ලබා තිබේ.

අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන යම් ආපදාවකට ලක්වූයේ නම් 1969 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයට දැනුම්දෙන ලෙසද මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here