ගුවන් විදුලි, ස්ථාවර දුරකථන, ඩෙක්ස්ටොප් භාවිතය අඩුවෙලා

0
3

ගුවන් විදුලිය, ස්ථාවර දුරකථන සහ ඩෙක්ස්ටොප් පරිගණක භාවිතය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2024 ජන හා නිවාස සංගණනයේ අවසන් වාර්තාවෙන් හෙළිව තිබේ.

එම වාර්තාවට අනුව, 2012 වසරේ ජන හා නිවාස සංගණනයේ දත්ත අනුව මෙරට ගෘහ කාණ්ඩවලින් සියයට 68.9 ක් ගුවන් විදුලිය භාවිතා කර තිබිණි.

නමුත්,2024 සංගණනය වන විට එය සියයට 52 ක් දක්වා අඩුවී ඇත.

2012 සංගණනයේ දත්ත අනුව ගෘහකාණ්ඩවලින් සියයට 42.4 ක් ස්ථාවර දුරකථන භාවිතා කළ අතර, 2024 සංගණනය වන විට එය සියයට 12.9 ක් දක්වා අඩුවී තිබේ. එමෙන්ම, 2012 සංගණනය අනුව ඩෙක්ස්ටොප් පරිගණක භාවිතය රටේ ගෘහ කාණ්ඩ වලින් සියයට 15 ක් වූ අතර, 2024 වන විට එය සියයට 7.4 ක් දක්වා පහත වැටී ඇත.

කෙසේ නමුත්, රූපවාහිනිය, ජංගම දුරකථන, සුහුරු ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක භාවිතය 2012 වසරේ සංගණනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබේ.

රටේ ගෘහ කාණ්ඩවලින් සියයට 94 කම ජංගම දුරකථන භාවිතා කෙරෙන බව ජන හා නිවාස සංගණන නව වාර්තාවේ සඳහන්ය.

සාමාන්‍ය ජංගම දුරකථන වැඩි වශයෙන් ග්‍රාමීය ජනතාව භාවිතා කරන අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 69.7 කි.

මූලාශ්‍රය – අරුණ

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here