මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

0
1

මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු සහ මත්ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු කොට්ටාව හා හෝමාගම ප්‍රදේශවලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 මිලි ග්‍රෑම් 400ක්, හෙරොයින් ග්‍රෑම් 112ක්, කොකේන් ග්‍රෑම් 08ක් හා කාර් රථයක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

පොලිසිය පැවසුවේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ රදවා තබා ගනිමින් විමර්ශන සිදු කරන සැකකරුවෙකුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 හා 42 වයස්වල පසුවන පන්නිපිටිය හා හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here