මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (20) නුවරඑළිය ප්‍රදේශයේ ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති නිරීක්ෂණයට එක්වීමට නියමිතව තිබේ.
එහිදී ඉන්දීය උප ජනාධිපතිවරයා මලෛයගම් ප්‍රජාවද හමුවීමට නියමිතය.
නුවරඑළිය, සීතා අම්මාන් කෝවිලේ ආගමික වතාවත්වලට ද ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් අද සහභාගී වීමට නියමිතව ඇත.
ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (19) මෙරටට පැමිණියේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී ඉන්දීය උප ජනාධිපතිවරයා පැවසුවේ ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, සංචාරක, ආයෝජන සහ වෙළෙඳ ක්ෂේත්‍රයන්හි මෙන්ම බලශක්ති සුරක්ෂිතතාව සහ වරාය සංවර්ධනයට අදාළ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවය.
ඉන්දීය උප ජනාපතිවරයා ඊයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියද හමුවිය.
මේ අතර මෙරට ද්‍රවිඩ දේශපාලන පක්ෂ නායකයින් සහ ඉන්දීය උප ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් ඊයේ කොළඹදී පැවැත්විණි.
මෙම හමුව සඳහා එක්ව සිටියේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වෙනුවෙන් එහි නායක මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, භාරත් අරුල්සාමි, ලංකා කම්කරු කොංග්‍රසය වෙනුවෙන් එහි නායක සෙන්දිල් තොණ්ඩමන් ඇතුළු පිරිසක් එක්වූහ.
උතුරු සහ නැගෙනහිර නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ නායකයින් ද ඊයේ පස්වරුවේ ඉන්දීය උප ජනාධිපතිවරයා හමුවිය.
දෙදින නිල සංචාරය නිම කරමින් ඉන්දීය උප ජනාධිපතිවරයා අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
📌සබැඳි පුවත්
Saru News
















