භූමිතෙල් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් පොලිස් භාරයට

0
3

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීකමදී කොළඹ සිට මොනරාගල දක්වා මඟීන් ප්‍රවාහනය කරමින් සිටි පෞද්ගලික බස් රථයක තිබී භූමිතෙල් ලීටර් සියයක් පොලිස් භාරයට ගෙන තිබේ.

බස් රථයේ භූමිතෙල් ප්‍රවාහනය කරමින් සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී බස් රථයේ කොන්දොස්තරවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන් වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here