ගල් අඟුරු වංචාව ගැන වෝහාරික විගණනයක් කළ යුතුයි ඇමැති – පුබුදු ජයගොඩ

0
2

ගල් අගුරු වංචාව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

රජයට අලාභයක් සිදුකිරීමේ චෝදනාව යටතේ මීට අදාළ සියලු දේශපාලකයන්ට හා නිලධාරීන්ට එරෙහිව නඩු පවරා දඬුවම් දිය යුතු බවත් වංචාවක් සිදුවූ බව ඔප්පු වූ පසුව අදාළ අලාභය චූදිතයන්ගෙන් අය කරගත යුතු බවත් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

ඊයේ (19) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතම මෙසේ කියා සිටියේය. 

වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මෙසේ ද කියා සිටියේය.

” ඇමතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඉල්ලා අස්වීම ආණ්ඩුව තමන්ගේ යහපත් දේශපාලන සංස්කෘතියේ රෙදි බේරා ගැනීමට කළ දෙයක්. එමගින් මෙතරම් කාලයක් ඇතිවූ ප්‍රශ්න එකක්වත් විසඳෙන්නේත් නෑ. ඒ තීරණය පවා අවශ්‍ය වෙලාවේ නොගෙන ප්‍රමාද වූ නිසා රෙද්ද බේරෙන්නෙත් නෑ.මේ සියලුම විනාශයන් සිදුවූ පසුව ඉල්ලා අස්වීමෙන් අත පිසදා ගන්න බෑ.රජයට අලාභයක් සිදුකිරීමේ චෝදනාව යටතේ මීට අදාළ සියලු දේශපාලකයන්ට හා නිලධාරීන්ට එරෙහිව නඩු පවරා දඬුවම් දිය යුතුයි. . වංචාවක් සිදුවූ බව ඔප්පුවූ පසුව අදාළ අලාභය චූදිතයන්ගෙන් අය කරගත යුතුයි. ඇත්තටම විදුලිබල හා බලශක්ති ඇමතිවරයාත්, එම අමාත්‍යංශ ලේකම්වරයාත් ඉල්ලා අස්වීම යනු අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීම වැනි වැඩක්. ගල් අඟුරුවල බාලවීම නිසා අපි ඉතාම බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා. බාල ගල් අඟුරු නිසා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ බොයිලේරු හා යන්ත්ර අබලන් වීමේ අවදානමක් තිබෙනවා. මේ ගල් අඟුරු තොග වල අළු ප්‍රතිශතය ක් වැඩි වීම නිසා පරිසර දූෂණයක් සිදු වෙනවා. මහජන සෞඛ්‍යය අනතුරට ලක් වෙනවා. බාල ගල් අඟුරු වලින් උත්පාදනය වන විදුලි බලය අඩු නිසා ඒ වෙනුවට ඩීසල් භාවිතා කරන්නට සිදුවුණා. එයින් රජයට විශාල පාඩුවක් සිදුවුණා වගේම නිකරුණේ විදේශ විනිමය වැයවුණා. මේ හේතුව නිසා අඛණ්ඩ විදුලි සැපයුම අවදානමක තිබෙන්නේ. ඉදිරියේදී විදුලි කප්පාදුවකට යන්න වෙයි. මේ අලාභය ජනතාව මත පටවන උත්සාහයක් ආණ්ඩුවේ තිබෙනවා. ඒ නිසා විදුලි ගාස්තු දැරිය නොහැකි ප්‍රමාණයකින් ඉහළ ගොස් බදු බරත් වැඩිවේවි. ඒ වගේම බාල ගල් අඟුරු නිසා මදිවන විදුලි බලය සපුරා ගන්න ජලාශ වල ජලය භාවිතා කළා. ඒ අසීමාන්තික ජල භාවිතය නිසා මහනුවර වැනි දිස්ත්‍රික්කවල දැනටමත් පානීය ජල සැපයුමට ප්‍රශ්න ඇති වෙලා. ඒ වගේම කෘෂිකර්මාන්තය සඳහා ජලය සැපයීමත් අවදානමක. මේ නිසා ආහාර අර් බුදයකට මග පෑදෙයි ”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here