මත්කුඩු පානය කිරීම සඳහා මුදල් සොයා ගැනීමට සැමියා විසින් සිය බිරියව පුද්ගලයකුට අලෙවි කිරීමේ සිද්ධියක් අලවතුගොඩ පොලිසියියෙන් වාර්තා වේ.
මෙසේ බිරිය අසල්වැසියකුට අලෙවි කිරීමෙන් පසුව ඇයව අසල්වැසියාගේ අතවරයට ලක්වී ඇති තර පසුව ඇය එම කම්පනයට මහ නුවර වැවට පැන ඇති බවද පැවසේ.
මෙසේ සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ තිදරු මවකි.
තම බිරිඳ අසල්වැසියෙකුට අලෙවි කළ අය හා අදාළ තැනැත්තිය දූෂණය කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට අලවතුගොඩ පොලිසිය මේ වනවිට පරීක්ෂණ අරඹා ඇත.
සිද්ධියෙන් පසු තිස්පස් හැවිරිදි තිදරු මව සියදිවි හානිකර ගැනීමේ අරමුණින් මහනුවර වැවට පැන තිබෙන අතර ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් ඇය බේරාගෙන අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදී තිබේ.
පසුව ප්‍රතිකාර සඳහා ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ වාට්ටුවට ඇතුළත් කර තිබෙන අතර එහිදී වෛද්‍යවරුන් හමුවේ සියදිවි නසා ගැනීමට හේතුවූ කරුණු දක්වමින් මේ බව ප්‍රකාශ කර ඇත.
මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූ සැමියා මෙයට වසර පහකට පමණ ඉහතදී රුපියල් ලක්ෂ 11 ක මුදලකට වකුගඩුවක් අලෙවි කර එම මුදලින්ද මත්කුඩු පානය කළ බව ඇය පවසා තිබේ.
අවුරුදු 13, 12 හා 10 යන වයස්වල පසුවන දරුවන් තිදෙනෙකුගේ මවක වන ඇය පවසා ඇත්තේ මත්කුඩු පානය සඳහා මුදල් නොමැතිව සැමියා අසල්වැසි පුද්ගලයකු සමග ලිංගිකව එක්වන ලෙස තමන්ට බලපෑම් කළ බවයි.
එම පුද්ගලයා තමන්ගේ අතපය ගැටගසා අතවර කළ බවත් එම සිද්ධියෙන් පසු ඇතිවූ මානසික කම්පනය ඉවසා ගැනීමට නොහැකිවූ නිසා වැවට පැන සියදිවි නසා ගැනීමට තීරණය කළ බවත් ඇය වෛද්‍යවරුන් හමුවේ පවසා තිබේ.
මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ඇය ප්‍රතිකාර ලබමින් සිටින බැවින් දරුවන් තිදෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ළමා රක්ෂණ අධිකාරියට සහ අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලිඛිතව දැනුම් දී ඇත.
බිරිඳ මුදලට අලෙවි කළ හා ඇයට අතවර කළ බව කියන පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසියට තොරුතුරු ලබාදීමට පේරාදෙණිය රෝහලේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
Saru News
















