සටහන – රුවන් නෙළුගොල්ල
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ කිසිදු ගල් අඟුරු වංචාවක් සිදුවී නොමැති නමුත් විපක්ෂය දිගින් දිගටම එවැන්නක් සම්බන්ධයෙන් චෝදනා කළ නිසා ජනාධිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත්කළ බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.
“මේ ආණ්ඩුව යටතේ කිසිදු ආකාරයක ගල් අඟුරු වංචාවක් සිද්ධ වෙලා නැහැ. නමුත් විපක්ෂයෙන් දිගින් දිගටම වංචාවක් පිළිබඳ කරුණු ඉදිරිපත් කළා. ඒ නිසා ජනාධිපතිතුමා පැහැදිලිව ජනාධිපති කොමිසමක් දැම්මා. දැන් තැන්තැන්වල කයිවාරු ගහලා වැඩක් නැහැ, කොමිසමට ඇවිදිල්ලා කරුණු ඉදිරිපත් කරන්න. වංචාවක් වෙලා තියෙනවාද නැද්ද කියන එක ඉතා පැහැදිලිව අපි රජය විදියට කියනවා මේකෙ කිසිදු ආකාරයක වංචාවක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම විපක්ෂය ඉදිරිපත් කරපු විශ්වාසභංග යෝජනාවේදීත් කිසිදු තැනක සිදුවූ වංචාවක් පිළිබඳ කරුණු ඉදිරිපත් වුණේ නෑ. ඒ නිසා අපි විශ්වාසභංගය පරාජය කළා. පරාජය කරන්න හේතුව තමයි ඒකෙ එහෙම කිසිදු වංචාවක් තිබුණෙ නෑ, ඒක එහෙම ඔප්පු කරගන්න හැකියාවක් තිබුණෙත් නෑ”
ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (19) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

The post අපේ ආණ්ඩුව යටතේ කිසිම ගල් අඟුරු වංචාවක් වෙලා නෑ. විපක්ෂය කෑගහන නිසා කොමිසමක් දැම්මා – ඇමති TB appeared first on LNW Sinhala.
Saru News
















