ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා අභාවප්‍රාපත්වෙයි – Saru News | සිංහල

0
4

ප්‍රවීණ ලේඛක සාහිත්‍යවේදී ටෙනිසන් පෙරේරා අභාවප්‍රාපත් වී තිබේ.

සාහිත්‍යවේදී ටෙනිසන් පෙරේරා මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වා දීමේ පුරෝගාමියෙකි.

මිය යනවිට 86 වැනි වියේ පසුවූ ඔහු 1940 වසරේ පෙබරවාරි මස 02 වැනිදා කැලණියේ කුඩා බුත්ගමුව ප්‍රදේශයේදී උපත ලැබූවෙකි.

ටෙනිසන් පෙරේරා සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරනු ලැබුවේ රජයේ මුද්‍රණාලයේ ආධුනිකයෙකු වශයෙනි.

එකල පුවත්පත් සහ සාහිත්‍ය කලාව වෙත යොමු වූ ඔහු, කොමියුනිස්ට් පක්ෂයේ චීන පිළ නියෝජනය කරමින් වාමාංශික දේශපාලනයෙහිද සක්‍රීයව නිරත වූ චරිතයකි.

සාහිත්‍යවේදී ටෙනිසන් පෙරේරා කෙටිකතා, නවකතා සහ පරිවර්තන ඇතුළුව කෘති සංඛ්‍යාව 100කට අධික සංඛ්‍යාවක් රචනා කර තිබේ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here