වියළි පළතුරු පැකට්වල සඟවා රු.මි. 25ක `කුෂ්’ ගෙනා ලාංකිකයෙක් කටනායකින් අල්ලයි – Saru News | සිංහල

0
2

රුපියල් මිලියන 25ක පමණ වටිනාකමකින් යුත් කුෂ් ග්‍රෑම් 2,505ක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු, බැංකොක් සිට පැමිණ ඇති කොළඹ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, අදාළ සැකකරු ඡායාරූප ශිල්පියෙකු බවද පැවසේ.

ඔහු හරිත මාර්ගය හරහා පිටවීමට තැත්කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලදාරීන්ට ඇතිවූ සැකයක් මත පරීක්ෂා කිරීමේදී, ඔහුගේ ගමන් මල්ලක් තුළ ඉතා සූක්ෂමව මෙම කුෂ් තොගය අසුරා තිබියදී සොයාගැනීමට හැකිව ඇත.

අදාළ කුෂ් තොගය අසුරා තිබී ඇත්තේ වියළි පලතුරැ ඉවත්කොටය.

වැඩිදුර විමර්ශන සඳහා කුෂ් තොගය සමග සැකකරු ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාලය වෙත භාරදී තිබේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here