වසරකට රිය අනතුරු හේතුවෙන් 2700කට අධික පිරිසක් මිය යන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් ‘අහඹු මත්ද්‍රව්‍ය පරීක්‍ෂාව පිළිබඳ මූලධර්ම සහ භාවිතය’ තේමාව යටතේ ආයතන මට්ටමින් නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා සංවිධානය කරන ලද එක් දින විශේෂ වැඩමුළුව හා එක්වෙමිනි.
“රජය විසින් ප්‍රවාහනයේ ආරක්‍ෂාව තහවුරු කරන්න විශාල වැඩ කොටසක් ඉටුකර තිබෙනවා. කොතරම් මාර්ග සංවර්ධනය කලත් නවීන වාහන ආනයනය කලත් යටිතල පහසුකම් වැඩිදියුණු කලත් නිසි පුහුණුවක්, විනයක් නොමැති වූ විට මාර්ගයේ ආරක්‍ෂාව නැතිවෙනවා. වසරකට සිදුවන 2700කට අධික ජීවිත අහිමිවීම ක්‍රමිකව අඩුකරගන්න ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. 2029 වසර වනවිට සිදුවන මරණ සංඛ්‍යාව විශාල ප්‍රතිශතයකින් අඩු කර ගැනීම ඉලක්කයයි.
මත්ද්‍රව්‍ය භාවිත කරන සියයට පහලොවක්, දහඅටක් අතර සංඛ්‍යාවක් සිටින බව දැනට වාර්තා වෙනවා. සියයට පනස්තුනක් අනතුරුවලට හේතුව රියදුරන්ගේ ප්‍රශ්න. අනතුරුවලට පහසුවන ක්‍රියාකාරකම් සිදුවෙනවා. විනයක්, පුහුණුවක් නැතුව ප්‍රවාහනයේ ආරක්‍ෂාව හදන්න බැහැ. රජය විදියට ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව ප්‍රවාහනයේ ආරක්‍ෂාව ඇති කරන්න පියවර ගන්නවා. මගී ආරක්‍ෂාව අංක එකට ගෙන තිබෙනවා. අදහස්වලට එහා ගිය ක්‍රියාමාර්ගවලට ගිහින් තියෙනවා. රටට ගැළපෙන ප්‍රමිතිගත බස් රථ හා වාහන ආනයනය කරනවා. නිෂ්පාදිත වගකීම ගැන සැලකිලිමත් වෙනවා. මේ සියලු ආරක්‍ෂිත ප්‍රතිසංස්කරණ මගින් ප්‍රවාහනයේ ආරක්‍ෂාව සැලසීමට කටයුතු කරනවා. මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කරගැනීමට සමාජ පාඨමාලාවක් ලෙස සිදුකිරීම අවශ්‍ය වෙනවා.”
Saru News
















