ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වීම සිහිපත් කරමිනුයි පාස්කු දිනය සමරනු ලබන්නේ.
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වූ විශේෂ දේවමෙහෙය කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්වුණා.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජා කර දින තුනකට පසු උට්ඨානය ලැබීම පාස්කු මංගල්‍ය ලෙස කිතුනුවන් සමරනු ලබනවා.
ජේසුස් වහන්සේගේ දුක විඳීම, මරණය සහ උට්ඨානය සිහිපත් කරමින් කිතුනු ජනතාව විවිධ වත් පිළිවෙත් සිදු කරමින් ගතකළ දින 40ක කාලය ද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වනවා.
ඊශ්‍රායලයේ ජෙරුසෙලම් අගනුවර කල්වාරි කන්දේ දී කුරුසයේ ඇණගසා මරණයට පත්කළ ජේසුස් වහන්සේ අද(20) වැනි දිනක උට්ඨානවී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බවටයි බයිබලයේ සඳහන් වන්නේ.
අදට (20) යෙදී ඇති පාස්කු මංගල්‍ය වෙනුවෙන් මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවන් ඊයේ (19) රාත්‍රියේ සෑම දේවස්ථානයකම පැවැත්වුණා.
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වූ විශේෂ දේවමෙහෙය කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුරේ දී පැවැත්වුණා.
විශාල පිරිසක් මෙම දේවමෙහෙයට සහභාගීවී සිටි අතර ඉටිපන්දම් දල්වමින් යාඥා කිරීමට ජනතාව එක්වුණා.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පාස්කු දේවමෙහෙය අද (20)උදෑසන පැවැත්වුණා.
විශාල පිරිසක් එම දේවමෙහෙයට එක්ව සිටියා.
මඩකලපුව සියොන් දේවස්ථානයේ පැවති පාස්කු දේවමෙහෙයට විශාල පිරිසක් එක්වුණා.
ඉතාලියේ රෝමය, නාපෝලි වැනි නගරවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ඊට එක්ව සිටියා.
දිව්‍ය පූජාව සිදු කළේ නෙවිල් ජෝ පියතුමා විසින්.
මෝදර ජේසු ජීවමානයි සභාව මගින් සංවිධාන කළ පාස්කු පාගමන කොටහේන සිට මෝදර දක්වා පැමිණියා.
මේ සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර උට්ඨානය සිහි කරමින් ගීත ගායනා කරමින් කිතුනු බැතිමතුන් පාගමනට එක්වුණා.
Saru FM Media