රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ්එකට දුන් සයිබර් ප්‍රහාරය ගැන CIDඑකට පැමිණිල්ලක්

0
2

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව විෂය භාර අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් අදාළ පැමිණිල්ල සිදුකර ඇති බවය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් පසුගියදා වාර්තාවී තිබු අතර එම වෙබ් අඩවියේ තොරතුරු වෙන්දේසි කර මුදල් ලබාගැනීම සඳහා සයිබර් ප්‍රහාරය එල්ල කළ පාර්ශවය විසින් උත්සහ දරා තිබූ බව සඳහන්වේ.

කෙසේවෙතත් මෙහිදී අමාත්‍යාංශ වෙබ් අඩවියේ අතිශය සංවේදී තොරතුරුවලට හානියක් සිදුව නොමැති අතර පොදු තොරතුරු කිහිපයක් පමණක් වෙනත් පාර්ශ්වයක් අතට පත්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකළ බවඅමාත්‍යවරයා සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් ද විමර්ශනයක් ආරම්භ කර ඇත.

මහා භාණ්ඩාගාරයේ විදෙස් ණය ගෙවීමකදී ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මේ වන විට සිය ආයතනය මගින් තාක්ෂණික විමර්ශනයක් සිදුවන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ නිලධාරී චාරුක දමුණුපොල මහතා අද දෙරණ සමග පැවසීය.

එය සිදුව ඇත්තේ කුමන ආකාරයකින් ද හා එවැන්නක් සිදුවීමට හේතුව යනාදිය සම්බන්ධයෙන් සොයාබැලීම සිය ආයතනය විසින් සිදුකරන බව ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අනාවරණය කරගැනීම ඇතුළු විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බව චාරුක දමුණුපොල මහතා පැවසීය

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here