පාස්කු දින එල්ල කරන ලද සැලසුම් සහගත ම්ලේච්ඡ ප්‍රහාරයට අද (21) දිනට වසර 7ක් සම්පූර්ණ වන අතර, දිවයිනේ ප්‍රදේශ 8ක දී ප්‍රහාර එල්ල කිරීමෙන් මුළු රටම භීතියට සහ වේදනාවට පත් විය.
වත්මන් ආණ්ඩුව යටතේ එළඹී තිබෙන ක්‍රියාමාර්ග අනුව මෙම වසර තුළ දී වින්දිතයන් හට යුක්තිය ඉටු වීමත්, ජනතාවට සත්‍ය හෙළි කිරීමත් එම අපරාධකරුවන්ට දඬුවම් ලබා දීමත් යන ක්‍රියාමාර්ග කෙරෙහි බලාපොරොත්තු දැල්වී තිබේ. සමස්තයක් ලෙසින් රටේ ජනතාව එම සුබවාදී ආකල්පයේ සිටින අතර අතිශයින් කලබලයට පත් වූ කිහිප දෙනෙකු මාධ්‍ය හමු පවත්වමින් සහ පොත් රචනා කරමින් ජනතාව අතර අවුල් සහගත මතයක් නිර්මාණය කිරීමට ද ප්‍රයත්න දරමින් සිටී.
මහාචාර්යවරයෙකු බව කියන රොහාන් ගුණරත්න, උදය ගම්මන්පිල, පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මේ වනවිටත් ප්‍රබන්ධ කෘති ජනගත කර ඇති අතර, උදය ගම්මන්පිල නීතිඥවරයෙකු ලෙස පිල්ලෙයාන් සහ සුරේෂ් සලේ වෙනුවෙන් එකම ප්‍රස්තුතයක් සම්බන්ධයෙන් පෙනී සිටීම විශේෂත්වයක් වී තිබේ.
1
Saru News















