බැංකු ගිණුම් කොල්ලකන නවතම ඩිජිටල් ජාවාරම

0
2

වර්තමානයේ WhatsApp සහ Telegram හරහා ලැබෙන “.apk” ගොනු මගින් සිදුකරන මෙම භයානක මූල්‍ය වංචාව පිළිබඳව ඔබ දැඩි අවධානයක් යොමු කළ යුතුය. 

සාමාන්‍යයෙන් මංගල ආරාධනා පත්‍ර, විදුලි බිල්පත් හෝ දිනුම් ඇදීම් ලෙස හැඟවෙන නම්වලින් ඔබ වෙත එවන මෙම ගොනු, රූපසටහනක් හෝ PDF එකක් යැයි සිතා ක්ලික් කළ සැණින් ඔබේ දුරකථනයට අනතුරුදායක මෘදුකාංගයක් ඇතුළු වේ.

මේ හරහා හැකර්වරුන්ට ඔබගේ දුරකථනයේ තිරය පාලනය කිරීමටත්, ඔබගේ SMS කියවීමටත් අවස්ථාව ලැබෙන බැවින්, බැංකු ගිණුම්වලට අදාළ රහසිගත OTP කේතයන් පවා ඔබ නොදැනුවත්වම ඔවුන් අතට පත්වේ.

එම නිසා, නාඳුනන අංකයකින් හෝ ඔබේ මිතුරෙකුගේ නමින් වුවද ලැබෙන මෙවැනි සැකකටයුතු “.apk” ගොනු කිසිවිටෙකත් බාගත කිරීම හෝ විවෘත කිරීම සිදු නොකරන්න. 

ඔබගේ දුරකථනයට අවශ්‍ය Apps ලබාගැනීමේදී සැමවිටම Google Play Store හෝ Apple App Store පමණක් භාවිතා කිරීමටත්, දුරකථන Settings තුළ ඇති “Install Unknown Apps” යන්න අක්‍රිය කර තැබීමටත් වගබලා ගන්න.

යම් හෙයකින් ඔබ මෙවැනි වංචාවකට හසු වුවහොත් වහාම ඔබගේ බැංකු ගිණුම් අත්හිටුවා ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට දැනුම් දෙන්න. මෙම තොරතුරු ඔබගේ හිතවතුන් අතර බෙදාහැර ඔවුන්වද මෙම අනතුරෙන් ආරක්ෂා කරගන්න

✒️ ශ්‍රී ලංකා පොලීසිය

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here