රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව අද (24) වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 04ක් මත ඔහු මුදා හැරීමට නියෝග කර ඇත.
ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමින් තම ස්කාගාරයක මත්පැන් ප්‍රවාහනය සඳහා යොදාගැනීම, කූඨ ලේකන සකස් කිරීම ඇතුළු සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශනයකට අදාළව මෙම නඩුව පවරා තිබිණි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකුට එරෙහිව මෙම නඩු ගොනු කර තිබේ.
0
Saru News













