පාසල් ප්‍රේමය විවාහයෙන් අවසන් වී අවසන් ගමනත් එකටම ගිය තරුණ යුවළ

0
2

පාසල් ප්‍රේමයෙන් අනතුරුව දෙමාපියන්ගේ අවසරය මත විවාහ ගිවිසගෙන මාස තුනක් ගතවෙද්දී හදිසි අනතුරකට පත්ව තරුණ යුවළක් ජීවිතක්ෂට පත්වීමේ දුක්බර පුවතක් දඹුල්ල යාපාගම ප්‍රදේශයෙන් අපට වාර්තා වුණි.

යුවළගේ අවසන් කටයුතු අද (24) පස්වරුවේ යාපාගම පොදු සුසාන භූමියේදී විශාල ජනතාවගේ සෝ සුසුම් මැද සිදුකරන්නට වූහ

මෙසේ අවාසනාවන්ත ලෙස මියගියේ දඹුල්ල, යාපාගම පදිංචි ඩිලන්ත පූර්ණ නම් 22 හැවිරිදි තරුණයා සහ ඔහු විවාහ ගිවිසගෙන සිටි නවෝද්‍යා සෙනවිරත්න නම් සම වයසේ තරුණියකි.

මෙම යුවළ විවාහ ගිවිස ගැනීමෙන් පසු ගම්පහ ප්‍රදේශයේ ආහාර සැපයුම් කරන ආයතනයක රැකියාව සිදුකොට ඇත්තේ, එම ප්‍රදේශයේම කුලී නිවාසයක නැවතී සිටය. 

නිවාඩුවට දෙදෙනාම යතුරුපැදියෙන් දඹුල්ලේ සිටින දෙමව්පියන්ගේ නිවසට පැමිණෙන නැවත රැකියාවට යතුරුපැදියෙන් යමින් සිටියදී නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ වතුපිටිවල ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් සිදුවු අනතුරකින් දෙදෙනාටම දිවි අහිමි වී තිබුණි. 

මෙම ඛේදනීය පුවත සැලවීමත් සමඟ ගම්වාසීන් බොහෝදෙනා දැඩි කම්පනයට පත්ව ඇති අතර, ඔවුන් පවසා සිටින්නේ තරුණයින් යතුරුපැදි ධාවනය කිරීමේ දී වඩාත් තම ජීවිත අවදානම ගැන සැලකිලිමත් විය යුතු බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here