දෙදින නිල සංචාරය නිමාවට පත් කරමින් ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
නිල සංචාරය ආරම්භ කරමින්, ඔහු දිල්ලි සිට ඊයේ (19) මෙරටට පැමිණියේය.
එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් හමුවී සාකච්ඡා කළේය.
ඉන්දීයානු නියෝජ්‍ය ජනාධිපති සී.පී.රාධක්‍රිෂ්ණන් මහතා අද (20) නුවරඑළිය සීතා අම්මන් කෝවිල වැදපුදා ගත්තේය.
එහිදී උප ජනාධිපතිවරයා ඉන්දියානු ආධාර යටතේ රාගල ලිඩල්ස්ඩේල් වතුයායේ ඉදිකළ වතු නිවාස යෝජනා ක්‍රමය නිරික්ෂණය කිරිමෙන් අනතුරු එම වතුයායේ පදිංචි වතු කම්කරුවන් සමඟ සුහද පිලිසදරක නියැලිණි.
ඉන් අනතුරුව නුවරඑළිය සීතාඅම්මන් කෝවිල වෙත පැමිණි ඉන්දියානු උප ජනාධිපතිවරයාව එම කෝවිලේ භාරකාර මණ්ඩලයේ සභාපති විසින් පිළිගෙන ඇති අතර එහිදී උප ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක්ද පවත්වා තිබේ.
මෙහිදී ඉන්දියානු උප ජනාධිපතිවරයාගේ මෙරට සීතාඅම්මන් කෝවිලේ සංචාරය සඳහා මතක සටහනක් වශයෙන් එම කෝවිලේ භාරකාර මණ්ඩලය විසින් සිහිවටනයක් ලෙස තිළිණයක්ද පිලිගන්වා තිබේ.


Saru News
















