බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට කඩුලු 03ක ජයක් 

0
2

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 03කින් ජයගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමත් විය. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 205කි. 

එහිදී හංසිමා කරුණාරත්න ලකුණු 54ක් සහ ඉමේෂා දුලානි ලකුණු 52ක් ලබාගත්හ. පන්දුයැවීමේදී රිටු මොනි කඩුලු තුනක් බිඳහෙළුවාය. 

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 206ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ක්‍රීඩිකාවන් පන්දුවාර 48.3ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළහ. 

එහිදී ශර්මින් අක්හ්ටෙර් ලකුණු 86ක් රැස්කළාය. පන්දු යැවීමේදී දෙව්මි විහංගා කඩුලු තුනක් දවාගත්තාය.

මෙම තරගය පැවැත්වුණේ, බංග්ලාදේශයේ රාජ්ශාහිදීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here