ක්‍රිකට් ක්‍රීඩකයන්ට බෝනස් ලැබෙන අලුත්ම ක්‍රමය එළියට ?

0
3

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා පදනම් කරගමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඉදිරි ජාත්‍යන්තර තරගාවලියන්හි සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රීඩක ගෙවීම් ක්‍රමවේදය මේ වනවිට තීරණය කර ඇති බව වාර්තාවේ.

ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ නැංවීම සහ ජයග්‍රහණ දිරිගැන්වීම අරමුණු කරගනිමින්, නව බෝනස් ගෙවීම් මෙන්ම වැටුප් කප්පාදු කිරීම්ද ඇතුළත් කර මෙම ගෙවීම් ක්‍රමවේදය සකසා ඇති බව සඳහන්ය.

ඒ අනුව ඉදිරියට තරගාවලි ජයග්‍රහණ සඳහා බෝනස් හිමිවන්නේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4 (Top 4)ට එරෙහිව ලබන ජයග්‍රහණ සඳහා පමණක් බව වාර්තා වේ. 

මීට පෙර ශ්‍රේණිගත කිරීම්හි පළමු කණ්ඩායම් 9 අතර සිට ඕනෑම කණ්ඩායමකට එරෙහිව තරගාවලි ජයග්‍රහණයකට බෝනස් හිමිව ඇත.

එමෙන්ම ටෙස්ට්, එක්දින හෝ විස්සයි20 යන ඕනෑම ආකෘතියක තරගාවලියක් පරාජය වුවහොත්, එම තරගාවලියේ තරග ගාස්තුවෙන් 10%ක මුදලක් කපා හරිනු ලැබේ.

තවද විදෙස් රටකදී ලබාගන්නා ජයග්‍රහණ සඳහා සම්පූර්ණ බෝනස් මුදල හිමිවන අතර, මෙරටදී ලබන තරග ජයග්‍රහණ සඳහා එම බෝනස් දීමනා සීමා කර ඇත. 

කෙසේ නමුත් විස්සයි20 තරගාවලියන්හිදී දේශීයව මෙන්ම විදේශීයවද ලබන ජයග්‍රහණ සඳහා එකම අගයකින් බෝනස් මුදල ලබාදේ.

ඒ අනුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හි අංක 1 ටෙස්ට් කණ්ඩායම පරාජය කළ හොත් සාමූහික බෝනස් දීමනාවක් ලෙස අමෙරිකානු ඩොලර් 150,000ක් ලැබෙනු ඇත.

එම ශ්‍රේණිගති කිරීම්හි දෙවන, තෙවන සහ සිව්වන ස්ථාන හිමි කණ්ඩායම්වලට එරෙහිව ජයග්‍රහණයන් සඳහා පිළිවෙලින් අ.ඩො. 100,000ක්, අ.ඩො. 75,000ක් සහ අ.ඩො. 60,000ක් ලෙසින් ක්‍රමයෙන් අඩුවන ලෙස බෝනස් හිමි වේ.

අංක 01 කණ්ඩායම පරාජය කිරීම

ටෙස්ට්

විදේශයකදී අ.ඩො. 150,000ක්

මබ්බිමේදී අ.ඩො. 100,000ක්

එක්දින

විදේශයකදී අ.ඩො. 150,000ක්

මෙරටදී අ.ඩො. 75,000ක්

විස්සයි20

දෙස් විදෙස් ඕනෑම ස්ථානයකදී අංක 1 කණ්ඩායම පරාජය කළහොත් අ.ඩො. 75,000ක් හිමිවේ.

සෑම තරගයක් සඳහාම ක්‍රීඩකයන්ට ලැබෙන ගෙවීම්

ටෙස්ට් 

ජයකට – අ.ඩො. 15,000ක්

ජ.ප.තො –  අ.ඩො. 10,000ක්

පරාජය/ විසඳුමක් නැති – අ.ඩො. 7,500ක්

එක්දින

ජයකට – අ.ඩො. 7,500ක්

පරාජයකට අ.ඩො. 3,500

විසඳුමක් නැති අ.ඩො. 3,000.

විස්සයි20

ජයකට – අ.ඩො. 5,000

පරාජයකට – අ.ඩො. 2,500

විසඳුමක් නැති – අ.ඩො. 2,000

නායකයන් සඳහා විශේෂ ගෙවීම්

නායකත්ව වගකීම අගය කරමින් සෑම තරගයකදීම අතිරේක දීමනාවක් නායකයාට හිමිවේ. කෙසේ නමුත් සමස්ත තරගය පුරා රැඳී සිටියහොත් පමණක් එය ලබාදේ.

ටෙස්ට් සහ එක්දින – 

එක් තරගයකට අමතරව අ.ඩො. 1,000.

විස්සයි20 –

එක් තරගයකට අමතරව අ.ඩො. 500.

ICC ශ්‍රේණිගත කිරීම් අනුව ක්‍රීඩකයන් පෞද්ගලිකව ලබාගන්නා දක්ෂතා මතද දිරිගැන්වීම් ලබාදීමට කටයුතු යොදා තිබේ.

ඕනෑම ආකෘතියක ලොව අංක 1 ක්‍රීඩකයා වුවහොත් අ.ඩො. 25,000 (එක් වරක් පමණි)ක්.

ලෝක ශ්‍රේණිගත කිරීම්හි 2 සිට 5 දක්වා ස්ථානයක පසු වුවහොත් අ.ඩො. 20,000 (එක් වරක් පමණි)ක්.

මීට අමතරව ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත් රඳවා ගැනීමේ ගාස්තු, සංචාරක ගාස්තු, දෛනික දීමනා සහ අනුග්‍රාහක දායකත්වය මතද දීමනා ලබාදීමට තීරණය කර තිබේ.

කෙසේ නමුත් මෙම නව ගෙවීම් ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයෙන් විමසා සිටි අතර, එහිදී පවසා සිටියේ නව ගෙවීම් ක්‍රමවේදය ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවය. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here