ශ්‍රීමා ද සිල්වා දෙරණ 60 Plus සීසන් 07 කිරුළ දිනයි

0
2

‘සම්පත් සංහිද -දෙරණ 60 Plus’ සීසන් 07 කිරුළ හිමිකර ගැනීමට ශ්‍රීමා ද සිල්වා මහත්මිය සමත්විය.

අවසන් මහා තරගය උත්කර්ෂවත් අන්දමින් අද (26) රාත්‍රියේ පැවැත්වුණි.

මෙහිදී ජනප්‍රියම ගායන තරුවට හිමි සම්මානය දිනාගැනීමට අනෝමා වික්‍රමාරච්චි මහත්මිය සමත් වූ අතර, ඇය මෙවර අදියරේ දෙවන ස්ථානය හිමිකරගැනීමටද සමත් වූවාය.

ඊට අමතරව තෙවන ස්ථානය හිමිකර ගැනීමට අබේසිංහ ලියනගේ මහතා සමත් විය.

ගායන හැකියාවෙන් පිරිපුන් මෙරට ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පැවති ‘සම්පත් සංහිද – Derana 60 Plus’වයස අවුරුදු 60ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ගායන කුසලතා වෙනුවෙන් නිර්මාණය වූ මෙරට මාධ්‍ය ආයතනයක් සංවිධානය කළ පළමු රියැලිටි අද්දැකීමය.

එහිදී ජනප්‍රියම තරුව ප්‍රේක්ෂක SMS මනාපයෙන් තෝරාගත් අතර, දක්ෂතම තරුව විනිශ්චය මණ්ඩලය විසින් තෝරාගනු ලැබීය.

විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද සුභානි හර්ෂණී සහ විශාරද ජානක වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් අවසන් මහා තරගයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here