හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් ඇයගේ නිවස වෙත අද (24) පැමිණ තිබේ.
මෙලෙස ප්‍රකාශයක් ලබා ගැනීමට පියවර ගෙන ඇත්තේ 2023 වසරේදී ඇය බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ (University of Wolverhampton) පැවැත්වූ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා සිදු කළ ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවය.
Saru News















