මහා භාණ්ඩාගාරයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් පිළිබඳව කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා ගේ නිවසට පැමිණ ඇතැයි වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සඳහා කටඋත්තරයක් ලබා ගැනීම සඳහා CID නිලධාරීන් මෙලෙස ඔහුගේ නිවසට පැමිණ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
විදේශ රටකට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 22.9ක ණය මුදලකින්, ඩොලර් මිලියන 2.5ක් හැකර්වරයෙකු අතට පත්ව ඇති බවට නීතිඥ මෛත්‍රි ගුණරත්න විසින් කරුණු අනාවරණය කර තිබිණි.
📌සබැඳි පුවත්
Saru News













