‘ඒහිපස්සිකෝ’ සාම පා ගමන කෑගල්ල දිස්ත්‍රික්කයේ ගමන් කරන 24, 25 සහ 26 තෙදින මාර්ගය දෙපස ඇති සියලුම සුරාසල් හා මස්, මාළු වෙළෙඳසල් වසා තැබීමට කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව තීරණය කර ඇත.
ඒ අනුව කඩුගන්නාවේ සිට වරකාපොළ දක්වා ප්‍රධාන මාර්ගයේ එම දින කිහිපයේදී මේ වෙළෙඳසල් වසා තැබේ.
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පරිසර ඇමැති වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවැති රැස්වීමේදී මේ තීරණය ගෙන තිබේ. කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන රථ වාහන රියැදුරන්ගෙන් වාහනවල නළාව නාද නොකරන ලෙසද ඉල්ලීමක් කරන බව මෙහිදී ඇමැතිවරයා කීවේය. මාර්ගයේ යම් ප්‍රමාදයක් ඇති වුවහොත් පොලීසියට සහය ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කළේය. මෙම සම්බන්ධීකරණ කමිටුව සබරගමුව ආණ්ඩුකාරවර කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති චම්පා ජානකී රාජරත්න මහත්මියගේද සහභාගීත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ධර්මසිරි සේනානායක අනුස්මරණ ශාලාවේ දී පැවැත්විණි.
(දිනමිණ)
Saru News
















