ෂම්මිට ඉවත් වෙන්නැයි ජනපති තවම කියලා නෑ. එහෙම දෙයක් කැබිනට්ටුවේදී සාකච්ඡා වුණෙත් නෑ – ඇමති නලින්ද

0
3

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාට එම ධුරයෙන් ඉවත් වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දැනුම් දීමක් සිදුකර ඇතැයි පළව තිබූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

තමන් දන්නා තොරතුරු අනුව තවමත් එවැන්නක් සිදුව නොමැති බවත් ඒ සම්බන්ධයෙන් කිසිවක් කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද සාකච්ඡා නොවූ බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

ප්‍රශ්නය – මුද්‍රිත මාධ්‍ය වාර්තා කරලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට ධුරයෙන් ඉවත් වෙන්නය කියලා ජනාධිපතිවරයා විසින් දැනුම් දීලා තියෙනවා කියලා සහ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත්කරලා එහි සභාපතිවරයා විදියට සමගි ජන බලවේගයේ එරාන් වික්‍රමරත්න මහත්තයාව පත්කරන්න නියමිතයි කියලා. මේක තහවුරු කරන්න පුළුවන්ද, නැත්නම් මේක අසත්යයක්ද ?

“ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී හෝ අපි සාකච්ඡා කළේ නැති බව තමයි මට කියන්නට තියෙන්නෙ, තවමත් ….”

ප්‍රශ්නය – මෙහෙම තීරණයක් අරන් තියෙනවාද ?

“තවම නැහැ”

ප්‍රශ්නය – පැහැදිලිවම ජනාධිපතිවරයා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාගෙන් ඉල්ලා අස්වෙන්න කියලා විමසීමක් කරලා තියෙනවාද ?

“මා දන්නා හැටියට, මට තිබෙන තොරතුරු අනුව තවම නැහැ. නමුත් ඔබ දන්නවා, මම කලිනුත් කිව්වා, ක්‍රිකට් පරිපාලනය පිළිබඳව ඔබ හිතන පතන විදියක් තිබෙනවා. රටේ ජනතාව ප්‍රේක්ෂකයින් හැටියට ක්‍රිකට්වලට දක්වන ආදරය ආරක්ෂා කරගෙන ක්‍රිකට් සංවර්ධනය කිරීම තමයි රජයේ බලාපොරොත්තුව. ඒකට අදාළ තීරණ අවශ්‍ය මොහොතේදී ගනීවි. දැනට මොනවද සාකච්ඡා වෙලා තියෙන්නෙ කියන එක ගැන මට තොරතුරු වාර්තා වෙලා නැහැ”

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

The post ෂම්මිට ඉවත් වෙන්නැයි ජනපති තවම කියලා නෑ. එහෙම දෙයක් කැබිනට්ටුවේදී සාකච්ඡා වුණෙත් නෑ – ඇමති නලින්ද appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here