කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්තගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අදාළව හිරු ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් ඔහුට අපහාස වී ඇති බවත් ඒ අනුව රුපියල් කෝටි 1000ක් වන්දි ගෙවන ලෙසත් ඉල්ලමින් ඔහුගේ නීතිඥවරයා එවන ලද එන්තරවාසියට හිරු මාධ්‍ය ජාලය සිය නීතීඥවරුන් හරහා පිළිතුරු දී තිබේ.
ඒ අනුව, අදාළ එන්තරවාසිය මගින් ඉදිරිපත් කර ඇති සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, එහි සඳහන් ඉල්ලීම්ද බැහැර කරන බවයි හිරු මාධ්‍ය ජාලයේ නීතීඥවරුන් ලාල්කාන්ත අමාත්‍යවරයාගේ නීතීඥවරයාට ලිඛිතව දැනුම් දී ඇත්තේ.
නිවැරදි කිරීමේ අයිතිය පිලිගනිමින් තම සේවාදායකයා වන ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් පෞද්ගලික සමාගම පසුගිය අප්‍රේල් 18 වැනි දින හිරු ටී.වී. සහ හිරු මාධ්‍ය ජාලයට අයත් අනෙකුත් සියලු මාධ්‍ය අවකාශයන් ඔස්සේ අදාළ පුවත සම්බන්ධයෙන් වහාම නිවැරදි කිරීමක් සිදුකළ බවද හිරු මාධ්‍ය ජාලය වෙනුවෙන් සුදත් පෙරේරා ඇසෝෂියේට්ස් නීතිඥ සමාගම සිය ලිපිය මගින් දන්වා ඇත.
2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත යටතේ ලාල්කාන්ත අමාත්‍යවරයාගේ වත්කම් – බැරකම් ප්‍රකාශයෙහි දෝෂ පවතින බවත් එම වත්කම් සහ බැරකම් ප්‍රකාශය නීතියට අනුකූලව ඉදිරිපත් කර නොමැති බවත් එම ලිපිය මගින් සුදත් පෙරේරා ඇසෝෂියේට්ස් නීතිඥ සමාගම වැඩිදුරටත් දන්වා තිබේ.
එසේම ලාල්කාන්ත අමාත්‍යවරයා සිය සේවාදායකයාට එරෙහිව කිසියම් නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළහොත් ආයතනික පුරවැසියෙකු ලෙස සිය සේවාදායකයා සතු අයිතිවාසිකම් භාවිත කරනු ඇති බවත්, ඒ යටතේ අනිවාර්ය ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන හිතාමතා උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන්ද නීත්‍යනුකූලව කටයුතු කරන බවත් එම ලිපියෙන් දැනුම් දී ඇත.
එමෙන්ම, ලාල්කාන්ත අමාත්‍යවරයා ප්‍රසිද්ධ වේදිකාවලදී පිලිගෙන ඇති පරිදි, ඔහු පොදු දේපළවලට හානි කිරීම සහ පුරවැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඇවිස්සීම වැනි කරුණුවලට සම්බන්ධ වී ඇති බැවින්, කිසියම් හෝ නීතිමය කටයුත්තක් ආරම්භ කළහොත් ඔබගේ සේවාදායකයා යනු කැළලක් ඇතිවීමට තරම් කීර්තිනාමයක් නොමැති පුද්ගලයෙකු යන ස්ථාවරය අධිකරණය ඉදිරියේ සිය සේවාදායකයා විසින් ගෙනහැර දක්වනු ඇති බවද හිරු මාධ්‍ය ජාලයේ නීතිඥ සමාගම විසින් ලාල්කාන්ත මහතාගේ නීතීඥවරයාට අවධාරණය කර ඇත.
සිය සේවාදායකයාගේ විකාශන අයිතියට අනිසි ලෙස බාධා කිරීමේ ඕනෑම උත්සහයකට එරෙහිව නීති මගින් කටයුතු කරන බවයි සුදත් පෙරේරා ඇසෝෂියේට්ස් නීතිඥ සමාගම වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

The post සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ඇමති ලාල් ඉල්ලන කෝටි 1000 ගෙවන්නේ නෑ – හිරු මාධ්‍ය ජාලයෙන් පිළිතුරු appeared first on LNW Sinhala.
Saru News
















