අද (21) පස්වරුවේ සිට 28 වෙනිදා දක්වා පූර්ණ රාජ්‍ය අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන සාම පා ගමන සඳහා සහභාගී වන වියට්නාම ජාතික හික්ෂු පඤ්ඤාකර හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා අද අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටිති.
උන්වහන්සේලා සමඟ ගුවන් මගියෙකු සේ ආලෝක ද මෙරට ට පැමිණ සිටියි.
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් පොර්ට් වර්ත් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මෙම කණ්ඩායම මෙරට ට පැමිණ ඇත.
සාම පා ගමනට සමගාමීව සිදු කෙරෙන අසදිස පූජාව අද පස්වරු 3,00ට රුවන්වැලි මහා සෑ පුදබිමේදී ආරම්භ වේ.
අනිද්දා (23) වෙනිදා දඹුල්ලෙන් පා ගමනට සහභාගී වන භික්ෂූන් වහන්සේ දොළොස් නම අතුරින් තායිලන්තයේ රතන සා හිමි ඇතුළු කිහිප නමක් පසුගිය සිකුරාදා අලුයම මෙරට ට වැඩම කළේය.
අද උදෑසන මෙරට ට වැඩම කළ මහා සංඝරත්නය ඇතුළු පිරිස අත්තනගල්ල රජමහා විහාරස්ථානයට පැමිණි පසු එහිදි මාධ්‍ය හමුවක් පැවැත්වේ. එය අවසානයේ භික්ෂු පඤ්ඤාකර හිමියන් ඇතුළු පිරිස ආලෝකා සමග ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වන්දනා කිරීම සදහා අනුරාධපුරයට වැඩම කරනු ඇත.
1
Saru News
















