නවසීලන්ත රගර් කණ්ඩායම ලංකාවට

0
2

කිලෝ ග්‍රෑම් 85 ට අඩු බර පංතියේ නවසීලන්ත ජාතික රගර් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා ඊයේ (20) රාත්‍රියේ ශ්‍රී ලංකාව‌ට පැමිණියේය.

නිලධාරීන් සහ ක්‍රීඩකයින් 38 දෙනෙකුගෙන් මෙම කණ්ඩායම සමන්විතය.

ඔවුන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළවෙත පැමිණ තිබුණි.

නවසීලන්ත රගර් කණ්ඩායම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග 25 වැනිදා කොළඹ තුරග තරග පිටියේ දී සහ එළඹෙන මැයි මස 03 වැනිදා මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී තරග 02කට සහභාගී වීමට නියමිතය.

මොවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික රගර් සම්මේලනයේ නිලධාරීවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here