ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ ආබාධ සහිත මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් පත්ල පහත් බස් රථ සේවාව අද (21) මාකුඹුරින් ආරම්භ විය.
ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
රෝද පුටු භාවිත කරන මගීන්ට සහ දෘෂ්‍යාබාධිත මගීන්ට සේම ගැබිණි මව්වරුන්ටද ඉතා පහසුවෙන් බස් රථයට ගොඩවිය හැකි ලෙස විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම පත්ල පහත් විශේෂ බස් රථ 10ක් අද දින ඒ අනුව ප්‍රවාහන සේවාවට එක් කර තිබේ.
ඒ අනුව මෙම එක් බස් රථයක මගී ආසන 30කින් සමන්විත වන අතර මෙම බස් රථ සඳහා රෝද පුටුවලින් ගොඩවන මගීන්ට වෙනමම ආසන වෙන් කර තිබේ.
මාකුඹුර සිට කොළඹ කොටුව දක්වාත් මාකුඹුර සිට කඩවත දක්වාත් මාර්ගයන් හී නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විශේෂයෙන් කොළඹ ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන මෙම මාර්ග මගින් ආවරණය කෙරේ.









Saru News
















