රක්ෂිත බන්ධනාගාරයේ සිටි RMV කොමසාරිස්ට විදෙස්ගතවීම තහනම් කරයි… – Saru News | සිංහල

0
4

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ඇප මත මුදාහැරීමට අද (20) නියෝග කළ නියෝග කළ පිලැස්ස මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්.එම්.අයි වාසල, විදේශගතවීමද තහනම් කර තිබේ.

ඒ අනුව ඔහුය රුපියල් විසිපන්දහසක (රු. 25,000) මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇත.

අදාළ නඩුව මැයි 11 වැනිදා යළි කැඳවීමට නියමිතය.

වාහන ලියාපදිංචි කිරීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පසුගිය මාර්තු 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අවස්ථා දෙකකදී රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here