“ජනා­ධි­පති පරි­සර සම්මාන-2026” අය­දු­ම්පත් කැඳ­වයි

0
3

මධ්‍යම පරි­සර අධි­කා­රිය සංවි­ධාන කරන “ජනා­ධි­පති පරි­සර සම්මාන – 2026” වැඩ­ස­ට­හන සඳහා මේ වන විට අය­දු­ම්පත් කැඳ­වීම ආරම්භ කර ඇත.

ඒ අනුව මේ මස 30 වැනි­දාට පෙර ඒ සඳහා අය­දු­ම්පත් යොමු කරන මෙන් මධ්‍යම පරි­සර අධි­කා­රිය සඳ­හන් කරයි.

“කර්මාන්ත අංශය”, “ව්‍යාපෘති අංශය” සහ “ආය­තන, මාධ්‍ය හා සමාජ අංශය” යන ප්‍රධාන අංශ තුනක් යටතේ මේ සඳහා අය­දුම් කළ හැකිය.

මධ්‍යම පරි­සර අධි­කා­රියේ නිල වෙබ් අඩ­විය වන www.cea.lk වෙබ් අඩ­වි­යට පිවි­සී­මෙන් හෝ 0112873447, 0112872278 යන දුර­ක­තන අංක­ව­ලට හෝ 0112888999 යන ක්ෂණික ඇම­තුම් අංකය වෙත ඇම­තී­මෙන් අය­දු­ම්පත් සහ වැඩි විස්තර ලබා ගැනී­මට අව­කාශ සලසා ඇත. 

එමෙන්ම වැඩි විස්තර සහ­කාර අධ්‍ය­ක්ෂිකා ආචාර්ය ලක්මිණී රාධිකා මෙණෙ­විය (0725064285), සහ­කාර අධ්‍යක්‍ෂ සංජීව පුළු­කු­ට්ටි­ආ­රච්චි (0712691109) සහ සහ­කාර අධ්‍යක්ෂ ඩී.එම්.එස්. එස්. බණ්ඩාර මහ­ත්ව­රුන් (0777960357) ඇම­තී­මෙන් ලබා ගත හැකි අතර මාධ්‍ය අංශයේ තොර­තුරු සඳහා මාධ්‍ය නිල­ධාරී ශ්‍රියා­න්ජනී ලොකු­ලි­යන මෙණෙ­විය (0776252288) ඇම­තිය හැකිය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here