මධ්‍යම පරිසර අධිකාරිය සංවිධාන කරන “ජනාධිපති පරිසර සම්මාන – 2026” වැඩසටහන සඳහා මේ වන විට අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
ඒ අනුව මේ මස 30 වැනිදාට පෙර ඒ සඳහා අයදුම්පත් යොමු කරන මෙන් මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.
“කර්මාන්ත අංශය”, “ව්‍යාපෘති අංශය” සහ “ආයතන, මාධ්‍ය හා සමාජ අංශය” යන ප්‍රධාන අංශ තුනක් යටතේ මේ සඳහා අයදුම් කළ හැකිය.
මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.cea.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112873447, 0112872278 යන දුරකතන අංකවලට හෝ 0112888999 යන ක්ෂණික ඇමතුම් අංකය වෙත ඇමතීමෙන් අයදුම්පත් සහ වැඩි විස්තර ලබා ගැනීමට අවකාශ සලසා ඇත.
එමෙන්ම වැඩි විස්තර සහකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ලක්මිණී රාධිකා මෙණෙවිය (0725064285), සහකාර අධ්යක්ෂ සංජීව පුළුකුට්ටිආරච්චි (0712691109) සහ සහකාර අධ්යක්ෂ ඩී.එම්.එස්. එස්. බණ්ඩාර මහත්වරුන් (0777960357) ඇමතීමෙන් ලබා ගත හැකි අතර මාධ්‍ය අංශයේ තොරතුරු සඳහා මාධ්‍ය නිලධාරී ශ්‍රියාන්ජනී ලොකුලියන මෙණෙවිය (0776252288) ඇමතිය හැකිය.
Saru News
















