අපි වගකීමෙන් කියනවා අපේ ජයකොඩි ඇමතිතුමා පුද්ගලික ලාබයක් බලාගෙන වරදක් කරලා නෑ – ඇමති විජිත

0
3

ගල් අඟුරු ආනයනයේදී හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පෞද්ගලික ලාබයක් අපේක්ෂාවෙන් වරදක් සිදුකර නොමැති යැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව විදේශ කටයුතු, සංචාරක හා විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

“මේ පිළිබඳ අපිට සම්පූර්ණ පරීක්ෂණ වාර්තාවෙන් දැකගන්න පුළුවන් වෙයි. දැන් ඔය කියන ඒවා, පුද්ගලිකව එහෙම දේවල් කළාද, නැද්ද, ඒවා එක එක්කෙනා කියන එක නෙවෙයි. දැන් මේ කොමිසමෙන් සම්පූර්ණ පරීක්ෂණයක් කරලා කලින් හිටපු ඇමතිවරු පෞද්ගලික ලාභ ප්‍රයෝජන උදෙසාම කටයුතු කළාද කියන එක තහවුරු වෙයි. අපි වගකීමෙන් කියනවා මෙතනදී එහෙම දෙයක් වෙලා නෑ, අපේ ජයකොඩි ඇමතිතුමා එහෙම දෙයක් කරලා නෑ කියන එක අපි නැවත අවධාරණය කරනවා. අපි ඒක පරීක්ෂණයට ඉඩ තියනවා. රජයට නෙවෙයි ඇත්තටම – රජයට පාඩුයි කියන්නෙ ජනතාවට තමයි ඇත්තටම පාඩුව තියෙන්නෙ. ඒ පාඩුව පියවා ගන්නත් අපි දැනටමත් ක්‍රියාමාර්ග අරන් තියෙනවා. අපි අදාළ සමාගමෙන් දැනටමත් දඩ මුදලක් අය කරගෙන තියෙනවා, තව ඉදිරියට ගන්නත් බලාපොරොත්තු වෙනවා. එහෙම එකකුත් තියෙනවා”

විජිත හේරත් අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

The post අපි වගකීමෙන් කියනවා අපේ ජයකොඩි ඇමතිතුමා පුද්ගලික ලාබයක් බලාගෙන වරදක් කරලා නෑ – ඇමති විජිත appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here